වෙලාව 9.30ට විතර ඇති , දේශනය දෙන අතරේ මම නිකමට කාර්යාලය පැත්තට ආවා , මා දැක්ක ගමන් අපේ ලිපිකාර දියණිය මා ළගට ආව
“සර් , හරිම වැඩක් වුවානේ දැන් “ , මට කොල් එකක් ආව ……….(අපේ සිසුවියකගෙ නම) ගේ අයියගෙන් කියල , එයා කියනව නංගි අද Training එකට ආවද කියල බලන්නලු , ඒ ළමය ඊයේ Leave Form එකක් දීල නිවාඩු ගත්ත , මම ඒක කිව්වම එයා කියනව , නංගි අද Training එනව කියල ආව…දැන් එයා Town එකේ ඉන්නව දැක්ක තව කොල්ලෙක් එක්ක …බලන්න මිස් මේ ………ට“ එහෙම කියල call එක Cut කළා , සර් ෂූවර් එකටම මොකාක් හරි ප්‍රශ්නයක් ඇති ”
අපේ ලිපිකරු දියණිය ඇස් ලොකු කරගෙන කියන ඒ කතාව මම නිසොල්මනේ අහගෙන හිටිය , මොකද මේ තරුණ දරුවන් එක්ක වෘත්තීය පුහුණු කටයුතු ආරම්භ කළ දා ඉදල මේ වගේ ප්‍රශ්න මගේ ගාවට ඇවිත් තියෙනව ,
“ඔව් , කොහොම වුනත් අපි ටිකක් කළබල නොවී ඉමු , මොකද ඒ ළමය නිවාඩු දාල ගිහින් තියෙන්නේ , අද එයා කරන පුද්ගලික කටයුතු වලට අත දාන්න අපට බැහැනේ ,“ මම ආයෙත් දේශනාගාරයට ආවා , ඒත් මගේ හිතේ පුංචි සැකයක් තිබුණා , ඒ දරුව යම් අනතුරකද කියල ….. දේශනය ආරම්භ කළා….
“ඔව් , අපි දැන් කතා කරන Chemothapy drugs ගනිත්දි , විවිධ අපහසුතා මතු වෙනවා , වමනය , හිසකේ ගැලවීයාම වැඩිවීම වගේ “ ……ට්‍රීං ට්‍රීං…..මගේ ජංගම දුරකථනය නාද වෙනවා …..මම ඉක්මණට ඇමතුමට සම්බන්ධ වුනා .
“සර් , මම ……… කතා කරන්නේ , අනේ සර් මට ලොකු කරදරයක්, මම අද මගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක town ආව , එයාගේ Business එකකට බඩු වගයක් ගන්න , අනේ සර් මම නිවාඩු , ගෙදරින් පැනගන්න බැරි නිසා මම කියල ආවේ training එකට යනව කියල …..දැන් සර් ගෙවල් ගාව කෙනෙක් මාව දැකල අයියට කතා කරළ , දැන් ගෙදරින් මට කතා කරළ හොදටම බැන්න …..ගෙදර එන්නත් එපා කිව්ව , පොලිසිය අල්ල දෙනවා , ඕන නම් ……….ගෙ ගෙදර යනව කියල හොදටම කෑගැහුව …..අනේ සර් මම මොකද කරන්නේ ….ගෙදර ගියොත් මම මරණව සර්….මට බොයි ෆ්‍රෙන්ඩ්ගේ ගෙදර යන්න බැහැනේ ………………………….“
එක හුස්මට දෝරෙ ගලා යන මේ වචන ටික මම අහගෙන හිටිය , මට උත්තරයක් දෙන්න ඉඩක් දෙන පාටක් නැහැ…….“හරි , දරුවෝ දැන් ඔයා කොහෙද ඉන්නේ ,“ “සර් මම දැන් ඉන්නේ ………..බැංකුවේ ……අද නම් මම ඉවරයි සර්…..මං මොකද්ද සර් කරන්නේ ..මගේ ඔළුපට පිස්සු වගේ …..මට දැන් මැරෙන්න වෙලා තියෙන්නේ ….“
මම කුමක් කළ යුතුද ? මේක මට අදාල ප්‍රශ්නයක් නොවෙයි එක් අතකින් මොකද මේ සිසුවිය අද පුහුණුවේ නැහැ , නිවාඩු අරගෙන , අනෙක් මේක පුද්ගලික ගැටලුවක් , එත් මම යමක් කළ යුතුයි …..නැතිනම් සමහර විටෙක මෙය ඇයගේ ජීවිතය පිළිබද තීරණාත්මක මොහොත වෙන්නත් පුලුවන්….විශේෂයෙන්ම අද තරුණ දරුවන්ගේ ජීවිත වල තිබෙන ආවේගකාරී බවත් එක්ක , අවදානමක සේයාවක් මතු වෙනවා වගේ දැනුන …
“හරි දරුවෝ , දැන් කළබල නැතිව අපේ Office එකට එන්න , මම lecture එකක ඉන්නේ , අපි මෙහෙදි ප්‍රශ්නේ ගැන කතා කරමු , අපිට ඔය ප්‍රශ්නේ විසද ගන්න පුලුවන්වේවි , හැබැයි ඔයාගේ යාලුවට කියන්න ආයතිනක නිති නිසා එයාට Office එකට එන්න බැරි බව …..“