ඔබේ කඳුළට , සුසුමට විරාමයක් තබන්නට….

මගේ අරමුණ …..

ආදරය , අධ්‍යාපනය , ආර්ථිකය වගේම සමාජයීය ගැටලු වලදී “දුක් විදින අපේ දරුවන්ට “ නිසි මග පෙන්වීමට තැනක් නොමැති නිසාවෙන් කීදෙනෙක් අද තැවි තැවී තම යොවුන් විය ගෙවනවාද ? කීදෙනෙක් අකාළයේ මරු තුරුළට ගොස් ඇත්ද ?

මෙම ගැටලුව හැමදා පැවතියත් , අද සමාජ රටාව සමග ගැටලුව උග්‍ර වන සේයාවක් මෙන්ම , එහිදී ගන්නා තීරණවල අසාධාරණ හෝ වැරදි බවක් හදුනා ගත හැකිවේ , එය වස පානයකින්  , ගෙල වැලලා ගැනීමකින් හෝ අවපීඩනය වැනි මානසික රෝගයකට ගොදුරු විමක් දක්වා යනවා ,

අපේ වෘත්තීය ක්ෂේත්‍රය තුල දී මෙම තත්ත්වය ඉතා හොදින් හදුනාගත හැකි නිසා , මෙම ගැටලුවට යම් තරමක හෝ විසදුමක් ලෙස ඔබේ ගැටලුව  හෝ දුක අසා සිටින්නට වත් මෙවන් බ්ලොග් අඩවියක් තිබියු යුතුය යන විශ්වාසයෙන් ඇරඹු මෙම බ්ලොග් සටහනෙහි මූලික අරමුණ  , යොවුන් සමයේ ඇති වන විවිධ පෙරළි , ගැටුම් සහ බිද වැටීම් පිළිබද අවබෝධයක් සහ එබදු අවස්ථාවකදී ඔබ කළ යුතු කුමක්දැයි යන්න නිවැරදිව පහදා දීමත්ය .

තවදුරටත් , ඔබට ඇති වන මානසික පිඩනයකදි , හිතට දරා ගන්නට බැරි වේදනාවකදී ඔබ කියන දේ අසන්නට , එමගින් ඔබේ හිතට සහනයක් ලබා දෙන්නටත් , නිවැරදි උපදෙසක් ලබා දෙන්නට මට හැකි බව මම සිතන හෙයින් , ඔබේ සුසුමට , ඔබේ කදුලට ළංව සිටින්නට , ටිකෙන් ටික ඒ කදුල යෞව්වනයේ තවත් එක්සොදුරු සැනසුම් සුසුමක් කරන්නට උත්සාහයක් දරමි.

මගේ අනෙක් බ්ලොග් අඩවියටත් එන්න මෙතැනින්

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: