ඔබේ කඳුළට , සුසුමට විරාමයක් තබන්නට….

ආදරණිය යොවුන් දුවේ , පුතේ …ඔබේ යොවුන් විය හරිම සුන්දරයි , කෙළිලොල් , දගකාර හිතුවිලි වලින් හිත පිරීලා……එක වෙලාවකට හිතෙනව ඇති තවත් වයසට යන්නේ නැතිව මේ සොදුරු ජීවිතයම විදින්නට ඇත්නම් කියළ නේද ….

ඔව් ….ඒත් ඔබ දන්නවාද අද ඔබේ වයසේ ඉන්න මිතුරන් , මිතුරියන් කී දෙනෙක් තමන්ගේ යව්වනය කදුලු පුරවගෙන ගෙවා දමනවාද කියළ….ඉතින් දුවේ , පුතේ අන්න ඒ  සුන්දර යොවුන් වියේ සොඳුරු  බව , කදුලින් සුසුමින් වසා ගෙන ඉන්න මගේ දූලා , පුතාල වෙනුවෙනුයි මේ බ්ලොග් අඩවිය ….

කඳුළ වෙලාවකට හොද බෙහෙතක් ……ඒත් එය අසීමිත වූ තැන , හරිම දරුණු විසක් …ඉතින් අපි අපේ සුසුමට , කඳුළට නිමාවක් දෙමු ….කොහොමද ඒ අපි කතා කරමු ….හිත සීතල කරගෙන හිත ඇතුලේ අරක් ගත්ත ඒ කඳුළු බිංදුව ගැන අපි කතා කරමු , මම සවන් දෙන්නම් ඔබට ආදරයෙන්……… සොහොයුරෙක් , එහෙම නැතිනම් පියෙක් වගේම… එහෙම කතා කළාම හිතට හරිම නිදහස් ..ඒ විතරක් නෙවෙයි …තීරණයක් ගන්න බැරිව හිතුවිලි කුණාටුවක අතරමං වෙලා ඉන්නකොට මේ වගේ දෙබසක් ඔබට ගොඩබිමක් පෙන්වාවි , අරමුණක් ගෙනත් දේවි …. ඊට සහයවීමයි මගේ අරමුණ…….

එත් ඔබ මා නොහදුනන විටක , කෙසේනම් සිත ඇති කඳුළ නිදහසේ  හෙලන්නද ? ,ඒ නිසා දැන් මම ගැන  කියන්නම්  …මම නමින් මශේෂ් නිශාන්ත ,  මම එක් විටෙක් ගුරුවරයෙක් …තරුණ දරුවන් සිය ගණනකගේ අනාගතය සොඳුරු කරන්නට වෘත්තීය දැනුම ලබා දෙන්නෙක්….තවත් විටෙක රෝගී ගත සිත සුවපත් කරන්නට උත්සාහ  හෙද නිලධාරීවරයෙක් ….තවත් විටෙක තරුණ දූ දරුවන්ගේ ගැටලු වලදී උපදෙසින්  මැදිහත් වන්නෙක්  …පුද්ගලිකව මම දූල දෙන්නෙක්ගේ පියෙක් … දේශිය මෙන්ම විදේශිය රටවලදිත් මා ලත් අත්දැකීම් සහ මගේ ජීවන අත්දැකීමුත් ,මගේ සිසු දරුවන් මුහුණ දුන් ගැටළු සහ ඒ ඔස්සේ ලබා ලත් දැනුමත් ,  මගේ වෘත්තීය දැනුමත් භාවිත කරමින් මට හැකි වේවි ඔබට , ඔබේ සිතට යම් උපකාරයක් කරන්නට….

දැන් අපි කතා කරමු කොහොමද අපි මේ බ්ලොග් අඩවිය භාවිත කරමින් අපේ කඳුළට , සුසුමට , ඒ විතරක් නොවෙයි තවමත් තීරණය ගත නොහැකි ගැටලුව ගැන කතා කරන්නේ කියලා….ඔබේ ගැටලුව නාමිකව හෝ ආදේශක නමකින් මෙහි Comments තීරුවෙහි යොදන්නට පුලුවන් , මම එක්වෙන්නම් ඔබේ දෙබසට ….සුසුමට …එත් ඒ ඔබ ඉන් මුදා ගෙන යව්වනයේ සොදුරු ඉසව්වට ඔබව යොමු කරනු පිණිස…….

Advertisements

Comments on: "යෞව්වනයේ සොඳුරු සුසුම්…." (2)

  1. this is a nice initiative!! good luck !

  2. thank you for your comments…..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: