ඔබේ කඳුළට , සුසුමට විරාමයක් තබන්නට….

වෙලාව 9.30ට විතර ඇති , දේශනය දෙන අතරේ මම නිකමට කාර්යාලය පැත්තට ආවා , මා දැක්ක ගමන් අපේ ලිපිකාර දියණිය මා ළගට ආව

“සර් , හරිම වැඩක් වුවානේ දැන් “ , මට කොල් එකක් ආව ……….(අපේ සිසුවියකගෙ නම) ගේ අයියගෙන් කියල , එයා කියනව නංගි අද Training  එකට ආවද කියල බලන්නලු , ඒ ළමය ඊයේ Leave Form  එකක් දීල නිවාඩු ගත්ත , මම ඒක කිව්වම එයා කියනව , නංගි අද Training  එනව කියල ආව…දැන් එයා Town  එකේ ඉන්නව දැක්ක තව කොල්ලෙක් එක්ක …බලන්න මිස් මේ ………ට“ එහෙම කියල call  එක Cut කළා , සර් ෂූවර් එකටම මොකාක් හරි ප්‍රශ්නයක් ඇති ”

අපේ ලිපිකරු දියණිය  ඇස් ලොකු කරගෙන කියන ඒ කතාව මම නිසොල්මනේ අහගෙන හිටිය ,  මොකද මේ තරුණ දරුවන් එක්ක වෘත්තීය  පුහුණු කටයුතු  ආරම්භ කළ දා ඉදල මේ වගේ ප්‍රශ්න මගේ ගාවට ඇවිත් තියෙනව ,

“ඔව් , කොහොම වුනත් අපි ටිකක් කළබල නොවී ඉමු , මොකද ඒ ළමය නිවාඩු දාල ගිහින් තියෙන්නේ , අද එයා කරන  පුද්ගලික කටයුතු වලට අත දාන්න අපට බැහැනේ ,“ මම ආයෙත් දේශනාගාරයට ආවා , ඒත් මගේ හිතේ පුංචි සැකයක් තිබුණා , ඒ දරුව යම් අනතුරකද කියල ….. දේශනය ආරම්භ කළා….

“ඔව් , අපි දැන් කතා කරන Chemothapy drugs ගනිත්දි , විවිධ අපහසුතා මතු වෙනවා , වමනය , හිසකේ ගැලවීයාම වැඩිවීම වගේ “ ……ට්‍රීං ට්‍රීං…..මගේ ජංගම දුරකථනය නාද වෙනවා …..මම ඉක්මණට ඇමතුමට සම්බන්ධ වුනා .

“සර් , මම ……… කතා කරන්නේ , අනේ සර් මට ලොකු කරදරයක්, මම අද මගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක town  ආව , එයාගේ Business එකකට බඩු වගයක් ගන්න , අනේ සර් මම නිවාඩු , ගෙදරින් පැනගන්න බැරි නිසා මම කියල ආවේ training  එකට යනව කියල …..දැන් සර් ගෙවල් ගාව කෙනෙක් මාව දැකල අයියට කතා කරළ , දැන් ගෙදරින් මට කතා කරළ හොදටම බැන්න …..ගෙදර එන්නත් එපා කිව්ව , පොලිසිය අල්ල දෙනවා , ඕන නම් ……….ගෙ ගෙදර යනව කියල හොදටම කෑගැහුව …..අනේ සර් මම මොකද කරන්නේ ….ගෙදර ගියොත් මම මරණව සර්….මට බොයි ෆ්‍රෙන්ඩ්ගේ ගෙදර යන්න බැහැනේ ………………………….“

එක හුස්මට දෝරෙ ගලා යන මේ වචන ටික මම අහගෙන හිටිය , මට උත්තරයක් දෙන්න ඉඩක් දෙන පාටක් නැහැ…….“හරි , දරුවෝ දැන් ඔයා කොහෙද ඉන්නේ ,“ “සර් මම දැන් ඉන්නේ ………..බැංකුවේ ……අද නම් මම ඉවරයි සර්…..මං මොකද්ද සර් කරන්නේ ..මගේ ඔළුපට පිස්සු වගේ …..මට දැන් මැරෙන්න වෙලා තියෙන්නේ ….“

මම කුමක් කළ යුතුද ? මේක මට අදාල ප්‍රශ්නයක් නොවෙයි එක් අතකින් මොකද මේ සිසුවිය අද පුහුණුවේ නැහැ , නිවාඩු අරගෙන , අනෙක් මේක පුද්ගලික ගැටලුවක් , එත් මම යමක් කළ යුතුයි …..නැතිනම් සමහර විටෙක මෙය ඇයගේ ජීවිතය පිළිබද  තීරණාත්මක මොහොත වෙන්නත් පුලුවන්….විශේෂයෙන්ම අද තරුණ දරුවන්ගේ ජීවිත වල තිබෙන ආවේගකාරී බවත් එක්ක , අවදානමක සේයාවක් මතු වෙනවා වගේ දැනුන …

“හරි දරුවෝ , දැන් කළබල නැතිව අපේ Office  එකට එන්න , මම lecture එකක ඉන්නේ , අපි මෙහෙදි ප්‍රශ්නේ ගැන කතා කරමු , අපිට ඔය ප්‍රශ්නේ විසද ගන්න පුලුවන්වේවි , හැබැයි ඔයාගේ යාලුවට කියන්න ආයතිනක නිති නිසා එයාට Office  එකට එන්න බැරි බව …..“

“හරි සර් , මම එන්නම් , “

මම දේශනය නැවත ආරම්ණ කළා….වෙලාව 12.20ට විතර දේශනය නිමා කරල ආව office එකට , මේ කෙල්ල ඇවිත් , කදුලු පිරිණු බියපත් මුහුණ , වේවලන දෑත , අවුල්වෙලා ගිය කෙස් රොද ඇගේ හිතේ තියෙන ගැටලුවේ තරම කියා පෑව ,

“දරුවො දැන් බය නැතිව ඉන්න . මොකද මෙතනට පොලිසිය ඇවිත් ඔයාව ගෙනියන්නේ නැහැනේ ….අප තේ ටිකක් බීල කතා කරමු “

බිය පත් දෑසින් මා දිහා බැලූ ඇය , අපේ උපස්ථායක සේවකය ගෙනා තේ කෝප්පය බිවද ? ගිල දැම්මද කියල මට හිතුන ….

“ අනේ සර් , මට ගෙදරින් සලකන්නේ නැහැ , මට ආදරේ නැහැ …තාත්ත මා ගැන බලන්නේ වත් නැහැ ….අම්ම යකෙක් වගේ ,හැමි තිස්සෙම බනිනවා, අනේ සර් මගේ ……….විතරයි මා ආදරේ …අපේ සම්බන්ධෙ ගැන ගෙදරින් දන්නවා , කැමති නැහ ඒකට…..එත් …….“

මේ වගේ පුකාශ අපිට හොදට හුරුයි , එත් ඇයට කතා  කරන්න දෙන්න ඕන , “……… හරි දැන් ඔයා මොකද කරන්නේ …… “

“අනේ මන්ද සර් , ‘‘ ගෙදර යන්නත් බැහැ … මට යන්න තැනකුත් නැහැ , අයිය දැන් ඇවිත් මට ගහල මරල දායිද දන්නෑ , මේක තාත්ත දැන ගත්තම…… ඊට වැඩිය හොදයි සර් …., “ කෙල්ල බිම බලා ගත්ත……

“හරි අපිට වෙන උත්තරයක් හොයන්න පුලුවන්ද බලමු , ඔයාට මොනවද කරන්න ඕන “ ….

‘සර් මට මේ කෝස් එක හොදට කරගෙන හොද job එකක් හොය ගන්න එන සර් ,….ඊට පස්සේ තමයි මැරි කරොත් කරන්නේ ….මගේ බෝයි ෆ්‍රෙන්ඩ් තුත් ඒකට එකග වෙලා තමයි මේ බිස්නස් එක පටන් ගත්තේ …මොකද ඒ වෙනකොට ඒක වැඩි දියුණු කර ගන්න පුලුවන් කියලා , අද ආවත් සර් ඒකට පොඩි ලෝන් එකක් ගන්න බැංකුවත් එක්ක කතා කරගන්න..“

අපි කතා කළා , මට මතක විදියට පැය දෙකහමාරක් විතර ……පුලුවන් තරමට හිතට නිවැරදි උපදෙස් දුන්නා …..ඒ අතරේ මම දුරකතනයෙන් ඇගේ මවටත් සොහොයුරාටත් කතා කළා , මුලින්ම ටිකක් තද බවක් දැක්වුවත් කරුණු පැහැදිලි කරන කොට ඔවුන් ඉතාමත් සුහදශිලී වුනා …..

“දුවේ , අපි දැන් කොහේවත් නෙවි , ගෙදර යමු , මම වෙච්චදේ ගැන කතා කළා ,  අම්ම ටිකක් බනිවි , කමක් නැහැ ඒ අම්මනේ ඔයා දැන් වෙන කොහේ ගියත් ඒ ආරක්ෂාව ඔයාට නැහැ …..“  මේ වෙනකොට ඒ දියණියගේ කළබලකාරී බව තිගැස්ම අඩුවෙලා තිබුණා….

“හරි සර් …මම ගෙදර යන්නම් , …“

“ඔව් ගෙදර යන්න , ගෙදර ගිය ගමන් මුලින්ම කරන්න ඕන දේ තමයි මට කෝල් කරන එක , හරිද දුවේ……“

කෙළි පැටික්කි හා පැටියෙක් වගේ මා දිහා බැලුවා …..

වෙලාව 4ට විතර මගේ දේශන කටයුතු අවසන් කරල ගෙදර ඇවිත් මගේ පැටවුන් එක්ක ටිකක් කතා කරමින් හිටිය ,

“…ට්‍රීං ට්‍රීංට්‍රීං ට්‍රීං“

“ඔව් පුතා , “ මගේ හුරුපුරුදු ආමන්ත්‍රණය යොමු කළා ,

“සර් මම …. , මම දැන් ගෙදර ආව , අම්ම ටිකක් සැරට බැන්න , අයියනම් මූන බැලුවෙවත් නැහැ …….හිතුව තරම්ම කරදරයක් නැහැ සර් …. අනේ සර් ඒ ප්‍රශ්නේ වුන වෙලාවේ මට හිතුනේ මැරෙන්න , ඇයි සර් මට කවුරුවත් නැහැ වගේ දැනුනේ , ……. ආයෙත්නම් සර් ඒවගේ මෝඩ දෙයක් හිතන්නෙවත් නැහැ “ ……

“ආයෙ කාටද කතාව ……“ ඒ අම්මගේ කටහඩ වගේ

“මේ අපේ සර්ට , මෙන්න සර් අපේ අම්ම ඉන්නවා ,..“

“ඔව් මිස්  …මම දුවට කිව්ව ගෙදර ගිය ගමන් මට කතා කරන්න කියලා …..“

“ආ කොච්චර දෙයක්ද මහත්තයෝ , තව ටිකෙන් අපේ එක්කෙනා ගෙන් මෙයාට…..දන්නවනේ සර් එයාගෙ හැටි…..“

——————————————————————————————————————

කොහොම හරි මේ ගැටලුව  සුන්දර විදියට නිමා වුනා , දැන් ඇය training  එකේ හොදට වැඩ කරගෙන යනවා ,

මගේ අනෙක් බ්ලොග් අඩවියටත් එන්න මෙතැනින්

Advertisements

Comments on: "පළමු සොදුරු සුසුම" (6)

  1. ඇත්තටම හැම කෙනෙක්ටම හොඳ පාඩමක්..

  2. ස්තුතියි ඔබට , එක් වූවාට

  3. nice blog. keep it up

  4. THANK YOU VERY MUCH FOR YOUR COMMENT

  5. ඔබ ශිෂ්‍යාවට දැක්වූ කරුණාව සහ ප්‍රශ්නය විසඳූ ආකාරය අගය කරන ගමන්ම මම හිතන දේත් කියන්නම්. මේ ළමයා තමන්ට ගෙදරින් ආදරේ නෑ කියලා අමු පචයක් කිව්වා කියලා මම හිතන්නේ.. ආදරේ නැත්තන් ඕන එකක් කර ගන්න ඇරලා නිකන් ඉන්නවනේ.. ඒක ඔබත් දන්නවා ඇති නේ.. ඒවගේම ඔය වගේ ප්‍රශ්න අන්තිමට තමන්ගේ කරපිටින් යන අවස්ථා මම ඇත්තටම දැකලා තියෙනවා.. ඔබට මට වඩා ජීවිතය ගැන අත්දැකීම් ඇති නේ.. ඒත් මම නම් කියන්නේ ඔය වගේ ඒවාට මැදිහත් වෙනකොට ගොඩාක් පරෙස්සම් වෙන්න ඕන..

  6. ඇත්ත රවීන් , ඔබ කියන දේ තමයි මේ සමාජයේ සිදු වෙන්නේ , ඒත් මේ වගේ ගැටලුවකදි වේදනාවට පත්වු හෝ පත්වූ බව ග වන්නාගේ අදහසට හැකි තරම් සාධාරණව අපි සවන් දෙන්නට ඕන , එයයි පළමු විසදුම , දෙවැන්න උපක්‍රමශීලීව ගැටලුව හදුනාගෙන එක් දිසාවකින් විසදිමට ලක් කිරීම …නමුත් මෙම සිදුවීමේ වගකීම මේ දරුවා දරන අතරේ මව සසහ සහෝදරයා වෙත යම් උපදෙසක් පමණයි ලබා දෙන්නේ , අපේ පළමු වගකීම ජීවිතය රැක ගැනීම වන නිසයි ඒ ,……ගුරුවරයෙක් යන පසුබිම මෙහිදී හරිම වැදගත් වෙනවා , නැතිනම් ඔබ කියන දේ සිදුවන්නට ඉඩ තිබෙනවා ….ඔබේ අදහස මම ඉහළින්ම ගරු කරනවා….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: